නව කොරෝනා ආසාදනය වූ 19 හැවිරිදි තරුනියක් ගිලන් රථ රියැදුරෙක් විසින් දුෂණය කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 7, 2020

නව කොරෝනා ආසාදනය වූ 19 හැවිරිදි තරුනියක් ගිලන් රථ රියැදුරෙක් විසින් දුෂණය කරයි



නව කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කිරිමට රැගෙන යමින් සිටි 19 හැවිරිදි තරුනියක්ව ගිලන් රථ රියැදුරෙක් විසින් දුෂණයට ලක් කිරිමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.


කේරළ ප්‍රාන්තයේ පන්ඩාලම් පොලිසිය විසින් සඳහන් කර ඇත්තේ මෙම ගිලන් රථ රියදුරා විසින් අදාළ තරුණියව පාළු පිට්ටනියකට රැගෙන ගොස් දුෂණයට ලක් කොට ඇති බවයි.


කොරෝනා ආසාදිත වයස්ගත කාන්තාවක් සහ තරුණියක් රෝහල් බලධාරීන් විසින් රෝහල් දෙකක් කරා යොමු කිරිමට සැකකාර ගිලන් රථ රියදුරාට භාරදී ඇති අතර ඔහු විසින් පළමුව වයස්ගත කාන්තාව රෝහලට භාරදී මෙම පසුව අදාළ තරුණිය රෝහල කරා රැගෙන යමින් සිටියදී මෙම අපරාදය සිදුකර ඇති බවයි පොලිස් විමර්ෂණ වලදී හෙළිව ඇත්තේ.


25 හැවිරිදි මෙම ගිලන් රථ රියදුරා ගේ සේවය අත්හිටුවා ඇති අතර ඔහුට එරෙහිව දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගන්නැයි කේරළ ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය කේ.කේ. සෛලජා පොලිසිය ඇතුළු බලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.


නව කොරෝනා ආසාදිත කාන්තාවන් රැසක් මෙලෙස අවස්ථා ගණනාවකදී දුෂණයට ලක්වීමේ සිද්ධීන් ඉන්දියාවෙන් වාර්තා වී ඇති බවයි එරට මාධ්‍ය කරුණු වාර්තා කර සිටියේ.





No comments:

Post a Comment

Post Bottom Ad