අධිකරණයට අපහාස කළේ යැයි වන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටි වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් මහතා ලබන 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අභයවික්‍රම මහත්මිය අද (01) නියෝග කළාය.
ඔහු ලංකා නිවුස් වෙබ් ඕ ආර් ජී යන වෙබ් අඩවියෙන් නවාස්, කුමුදුනී වික්‍රමසිංහ හා දේවිකා තෙන්නකෝන් යන විනිසුරුවන් අල්ලස් ලබාගෙන ඇති බවට ඇඟවෙන පුවත් පළ කර මින් අධිකරණයට අපහාස කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ අංශය අධිකරණයට දන්වා සිටියේය.
මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ඉකුත් මැයි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ අංශයට කර තිබූ පැමිණිල්ලකට අනුවය.
පරිගණක අපරාධ පනත යටතේ වරදක් කර ඇති බව සඳහන් කරමින් චතුරංග මහතා ඊයේ (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
කෙසේවුවද, විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශිරාල් ලක්තිලක මහතා අධිකරණයට අවධාරණය කර සිටියේ අදාළ තොරතුරු චතුරංග මහතාට ලැබී ඇත්තේ ඊමේල් පණිවුඩයකින් බවත්, ඔහු ඒවා ප්‍රචාරය කර නැති බවයි.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය අධිකරණයට කියා සිටියේ අදාළ තොරතුරු ප්‍රචාරය කර ඇති වෙබ් අඩවියේ ඇඩ්මින් කෙනෙකු ලෙස චතුරංග කටයුතු කර ඇති බැවින් අදාළ තොරතුරු ඔහු විසින් ප්‍රචාරය කර ඇති බවයි.
විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ ශිරාල් ලක්තිලක ඇතුළු පිරිසක් පෙනී සිටියේය.
Tuesday, September 1, 2020
වෙබ් මාධ්‍යවේදී චතුරංග 14 දා දක්වා රිමාන්ඩ්!
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment