මහනුවර රෝහල් පටුමග ප්‍රදේශයේ හෙරොයින් ග්‍රෑම් 62යි මිලිග්‍රෑම් 350ක් සමග කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ අද පෙරවරුවේ මහනුවර පොලීසියේ කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරා කාන්තාව අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ වයස අවුරුදු 33ක් වූ එම කාන්තාවගේ අත්බෑගයේ තිබී හෙරෝයින් සහ මුදලින් රුපියල් පනස්දහසක් සොයා ගැනීමට හැකි බව පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් මත්කුඩුවල වටිනාකම රුපියල් ලක්ෂ හතහමාරක් පමණ වන බව පොලීසිය සදහන් කළේය.
සැකකාර කාන්තාව විසින් ඇගේ පෙම්වතා ඇසුරු කළ තරුණියක් ඝාතනය කර තිබෙන බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් විභාග වූ නඩුවේදී වරද පිළිගැනීම නිසා ඇයට බරපතල වැඩසහිත වසර නවයක සිර දඬුවමක් ලැබී තිබෙන බවත් කී මහනුවර කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා ඇය මෙයට මාස අටකට පමණ පෙර නිදහස්ව පැමිණ තිබෙන බවද ප්‍රකාශ කළේය.
රාජාංගණයේ පදිංචි අදාළ කාන්තාව සිරදඬුවම් විඳ නිදහස ලැබීමෙන් පසු බන්ධනාගාරයේදී හමුවී කාන්තාවගේ උපදෙස් මත ඇයගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු වලට සම්බන්ධවී තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව තිබේ.
කමල් සුරවීර – මහනුවර
Tuesday, September 1, 2020
කෙල්ලෙක් මරලා ඇතුළට ගිහින් එළියට ඇවිත් මාස 8යි – කෙල්ල කුඩුත් එක්ක මාට්ටු
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment