වරාය විරෝධතාකරුවන් විමල්ට ගම්මන්පිලට හූ කියති - (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 1, 2020

වරාය විරෝධතාකරුවන් විමල්ට ගම්මන්පිලට හූ කියති - (video)

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පවරා නොදෙන්නැයි ඉල්ලා සිටිමින් වරාය වෘත්තිය සමිතිය විසින් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

වර්ජනය හේතුවෙන් මේ වන විට වරායේ පර්යන්ත තුනේම කටයුතු නවතා දමා තිබේ.

අද මෙම විරෝධතා පැවැත්වෙන්නේ සිව් වෙනි දිනටයි.

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ වෙනත් කිසිදු පෞද්ගලික පෞද්ගලික ආයෝජකයකුට ලබා නොදී වරාය අධිකාරිය යටතේම මෙහෙයුම් සිදුකරන බවට සහතිකයක් මැතිවරණයට පෙර ලබා දෙන්නැයි වර්ජකයන් ඉල්ලා සිටිති.

එමෙන්ම ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් ලබා දෙන්නැයිද ඔවුන්ගේ ඉල්ලීමකි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊයේ රාත්‍රියේ එම ස්ථානයට පැමිණි අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට විරෝධතාකරුවන්ගෙන් විරෝධයක් එල්ල විය.

වෘත්තීය සමිති නියෝජිතයන් කිහිප දෙනෙකු සමග සාකච්චාවක් පැවැත්වීමෙන් පසුව සේවකයන්ගේ විරෝධය මැද දෙදෙනා එම ස්ථානයෙන් බැහැරව ගියේය.


No comments:

Post a Comment

Post Bottom Ad