SJB සුලු පක්‍ෂ වැට උඩ.. ආණ්ඩුවෙන් අත වනන තෙක් පිරිසක් බලා සිටී.. එජාපයට යන්න තව පිරිසක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 30, 2020

SJB සුලු පක්‍ෂ වැට උඩ.. ආණ්ඩුවෙන් අත වනන තෙක් පිරිසක් බලා සිටී.. එජාපයට යන්න තව පිරිසක්..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ පක්ෂ අතර ඇති වී තිබෙන අර්බුදකාරී තත්වය උග්‍රවී ඇති බව වාර්ථා වෙයි.

මේ හේතුවෙන් එම බලවේගය නියෝජනය කරන සුළු පක්ෂ විසින් සජිත් ප්‍රේමදාස මහතාට පෙන්වා දී ඇත්තේ සමගි ජන බලවේගය පක්ෂයක් නොවන බවත් එය පක්ෂ ගණනාවක සන්ධානයක් බවත්ය.

එනිසා ඉක්මනින් පක්ෂයක් පිහිටුවා ලියාපදිංචි කර දේශපාලන කටයුතු ආරම්භ කරන්නැයි ද ප්‍රේමදාස මහතාට ඔවුන් විසින් දන්වා ඇත.

ඒත් සමගම එම නව පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන්ද යම් ගැටුමක් නිර්මාණය වී තිබේ.

ඇති වී තිබෙන තත්ත්වය මත සමගි ජන බලවේගය නියෝජනය කරන මුස්ලිම් සහ දෙමළ පක්ෂ ඕනෑම මොහොතක ඉන් ඉවත් වීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.

ආරාධනයක් ලැබෙන ඕනෑම මොහොතක ආණ්ඩුවට සහාය දැක්වීමට පිරිසක් සූදානමින් සිටින අතර තවත් පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය විසඳා ගත හොත් නැවත ඔවුන් සමග එක්වීමට සූදානම් වී සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad