පසුගියදා ඇමෙරිකාව විසින් චීන සමාගම් 24 කට සම්බාධක පනවා ඇති අතර, කොළඹ වරාය නගරය ඉදිකරන China Harbour Engineering Company (CHEC) හි මවු සමාගම වන China Communications Construction Company (CCCC) මෙහි බලපෑම් වලට ලක්වන බවද වාර්තා වේ.
ඒ අනුව, රජයේ බලපත්‍රයක් නොමැතිව මෙම සමාගම් වෙත නිෂ්පාදන අපනයනය කිරීම ඇමෙරිකානු සමාගම් හට නීති විරෝධී වනු ඇත.
කොළඹ වරාය නගරය මෙන්ම හම්බන්තොට වරාය හා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල ද ඉදිකෙරුනේ CHEC සමාගම විසිනි.
"ස්වෛරී රටවල් දෙකක් වන චීනයේ සහ ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී සමාගම් හෝ පුද්ගලයින්ගේ සාමාන්‍ය ව්‍යාපාරික සහයෝගීතාව තෙවන රටකින් සිදුවන ඒකපාර්ශ්වික හා අයුක්ති සහගත සම්බාධකවලින් බලපෑමකට ලක්වනු ඇතැයි තානාපති කාර්යාලය විශ්වාස කරන බව," මේ සම්බන්ධයෙන් කොළඹ චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී ලුඕ චොං මහතා පවසයි.
“සිය වැරදි නිවැරදි කරගනිමින් වහාම චීනයේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම නතර කරන ලෙස” චීනය ඇමෙරිකාවෙන් ඉල්ලා ඇති බවද ඔහු වැඩිදුරටත් පවසයි.
මෙවර සම්බාධක මගින් දකුණු චීන මුහුදේ ඉදිකිරීම්, විශේෂයෙන්ම One Belt One Road (OBOR) වැඩසටහන යටතේ කෘතීම දූපත් තැනීම් වලට සම්බන්ධ සමාගම් සහ පුද්ගලයින් ඉලක්ක කරගෙන තිබේ.
Sunday, August 30, 2020
ඇමෙරිකානු සම්බාධක බලපෑම් කොළඹ පෝර්ට් සිටි හදන CHECටත් එයි?
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment