තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ දිවුරුම් දීමට අවශ්‍ය බවත්, ඒ සදහා අවස්ථාව ලබා දෙන ලෙසත්, දැනට මරණ දඩුවම් ලබා රක්ෂිතබන්ධනාගාරගතව සිටින ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලී විසින්, බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබේ.
ඒ අනුව, බන්ධනාගාර කොමසාරිස් වරයා විසින්, ඒ සම්බන්ධයෙන් තමන්ට උපදෙස් අවශ්‍ය බව අධිකරණ අමාත්‍යංශයට දැනුම් දී ඇති අතර, අධිකරණ අමාත්‍යංශය, අදාල කාරණය සම්බන්ධයේන නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබේ.
අධිකරණ අමාත්‍යංශය විසින් කරන ලද ඉල්ලීම සලකා බලා තිබෙන නීතිපති දෙපාර්තමේන්තුව, මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වන අයෙකු එම මන්ත්‍රී ධූරය දැරීම සදහා නුසුදුසු වන අවස්ථා සදහන් වගන්ති උපුටා දක්වමින් අධිකරණ අමාත්‍යංශය වෙත ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව, යම් අයෙකු මරණ දඩුවම ලබා තිබේනම්, එය මන්ත්‍රීධූරය දැරීම සදහා නුසුදුසුකමකි.
එමෙන්ම, මන්ත්‍රී ධූරය දැරීමට නුසුදුසු කිසිවෙකුට, මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ පාර්ලිමේන්තුව තුළ ඡන්දය ප්‍රකාක කිරීමට නොහැකි ය.
Sunday, August 30, 2020
නීතිපති; නීතිය පෙන්වා දෙයි. චොකා මල්ලීට පාර්ලිමේන්තු එන්න බෑ.
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment