සෞභාග්‍ය යේ දැක්ම පළවෙනි අවුරුද්දේ රටේ එක් පුරවැසියෙක් රු 37000 කින් දුප්පත් වෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.
සෞභාග්‍යයේ දැක්ම‘ ආර්ථික විශ්වකර්ම වැඩක් කරයි කියලා රටම බලාපොරොත්තු වුණා. මේ අවුරුද්දට අයවැයක් නැතිව අතුරු සම්මත ගිණුමක් ගෙනත් තියෙනවා. අතුරු සම්මත ගිණුමක තියෙන්නේ වියදම් කරන හැටි මිසක් ආදායම් උපයන හැටි නෙවෙයි. ආණ්ඩුවෙන් කථා කරපු කවුරුවත් වියඳම් කරන හැටි මිසක් ආදායම් උපද්දවන හැටි කිව්වේ නෑ.
මේ කෙන් කියන්නේ මොකක්ද? එක් රටවැසියෙක් අවුරුද්ද ඉවර වෙනකොට රු. 37,000 කින් දුප්පත් වෙනවා කියන එක මම කියනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද ආර්ථික වර්ධන වේගය සෘණ 1.6 යි. කෝවිඩ් නිසා එහෙම වුණා කියලා කවුරුහරි කිව්වොත්, කෝවිඩ්වලට රට වැහුවේ මාර්තු 23 කියලා මතක් කරනවා. මේ ආණ්ඩුව බලයට පත් වූ දා පටන් රටේ ආර්ථිකය වැටුණා. ඒවට උත්තර නෑ.
ආදායම් උපයා ගන්න ක්‍රමය ගැන වචනයක් ආණ්ඩුවේ කථිකයෝ කිව්වේ නෑ.
2019 අවසන් වෙනකොට ලංකාවේ සමස්ථ ආර්ථකයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 84 යි. 2020 අවසන් වෙනකොට ලංකාවේ සමස්ථ ආර්ථකයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 78 ක් බවට පත් වෙනවා. යි.
ඒ කියන්නේ 2019 අවසානයට වෙනකොට, ඇමරිකානු ඩොලර් 3800 ක් වුණු ලංකාවේ ඒක පුද්ගල ආදායම 2020 ‘සෞභාග්‍යෙය් පළමු වසර අවසන් වෙනකොට ඩොලර් 3600 දක්වා, ඩොලර් 200කින් පහත වැටෙනවා. සරළව කිව්වෙත් එක් පුද්ගලයෙක් ඩොලර් 200 කින් දුප්පත් වෙනවා.
රුපියල් වලින් කිව්වොත් අද ඩොලර් එක රු. 185 යි. 185 රු. 200 න් වැඩි කරාම රුපියල් 37,000 යි. සෞභාග්‍යයේ දැක්මේ පළමු වසරේ රටේ එක් මිනිහෙක් රු. 37,000 කින් දුප්පත් කරනවා.
ජනතාවට ඉවසගෙන ඉන්න කියලා ඉදිරියේ දී කියයි. අපි කියනවා, මේ රට විනාශ වේගන යනවා. ‘සෞභාග්‍ය යේ දැක්මේ‘ ආර්ථික විශේඥයෝ දැන් ආදායම් උපයන හැටි කියන්න ඕනි. වියත්මග පෙන්නලා බලයට ආපු අය ‘ආදායම් උපයන හැටි කියන්න‘
නැත්තම් අදායම් උපයන්නේ සිංහරාජේ කපලද? සිංහරාජේ කපලද? පුත්තලමේ, හලාවත ඉස්සන් කොටු සුද්ධ කරලද කියා අපි අහනවා.
එහෙම නැත්තම් 19 අයින් කරලා රට මිලේච්ඡත්වයට ආපසු ගෙනිහිල්ල ද ආදායම් උපයන්නේ? එහෙම නැත්තම්, පුරවැසිකම අත්තරින්න බැරි අයව පාර්ලිමේන්තුවට ගේන්න ව්‍යවස්ථාව වෙනස් කරල ද, කියලා අහනවා.
මතක තියාගන්න, සෞභාග්‍ය යේ දැක්මේ පළමු අවුරුද්දෙදී, මේ රටේ පුරවැසියෙක් රු. 37.000 කින් දුප්පත් කරනවා කියලා කියන්න ඕනි. කියන්න ඕනි, දේශීය කර්මාන්ත දියුණු කරනවා කියලා වේවැල් පිත්තල, මැටි ඇමතිට මිලියන 57 යි. බිලියන 1745 න් ප්‍රසන්න ඇමතිතුමාට මිලියන 57 යි. දයාසිරි ඇමතිතුමනි ඔබතුමාට මිලියන 93 යි. ගුදම් ඇමතිතුමාට මිලියන 80 යි. නැවක් තියා බෝට්ටුවක්වත් හදන්න පුළුවන් ද? මුදල් වෙන් කරලා තියෙන්නේ කෙහාටද?
– midea unit
Sunday, August 30, 2020
Home
දේශපාලන පුවත්
සෞභාග්‍යයේ දැක්ම පළවෙනි අවුරුද්දේ එක් පුරවැසියෙක් රුපියල් 37,000 කින් දුප්පත් වෙනවා…
සෞභාග්‍යයේ දැක්ම පළවෙනි අවුරුද්දේ එක් පුරවැසියෙක් රුපියල් 37,000 කින් දුප්පත් වෙනවා…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment