සංචාරක හෝටලයක සිටි විදෙස් තරුණියකට අතවර කිරීමට ගිය තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස සිදුව ඇත්තේ මාතර මිදිගම සංචාරක හෝටලයක් තුල රැඳී සිටි කාන්තාවකට යි. ඇය එංගලන්ත ජාතික 30 හැවිරිදි තරුණියක් වන බව වාර්තා වනවා.
ඊයේ අලුයම ඇය එම හෝටලයේ රැදී සිටියදී කිසියම් පුද්ගලයෙකු තම කාමරයට පැමිණි බවයි ඇය ප්‍රකාශ කරන්නේ.
එම පුද්ගලයා හෝටලයට ඇතුළුවන ආකාරය ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන්ව ඇති බව වාර්තා වනවා.
පසුව ඔහු අඩනිරුවතින් විදේශීය තරුණිය රැදී සිටි කාමරයට ඇතුළුන ආකාරයද ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන් දර්ශන වලින් පැහැදිළි වනවා.
තරුණියගේ විරෝධය හමුවේ තරුණයා ඉන් පිටතට දිවගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විදේශීය කාන්තාව මිරිස්ස සංචාරක පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
සිදුවීම සම්බන්ධව එම ප්‍රදේයේම පදිංචි අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගාල්ල පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව සඳහන්.
Sunday, August 30, 2020
විදෙස් තරුණියට අතවර කරන්න හෝටලේට පැනලා
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment