ඩිව් ගුණසේකර කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 30, 2020

ඩිව් ගුණසේකර කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් වෙයි

ඩිව් ගුණසේකර කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් වෙයි

ශ්‍රී ලංකාවේ, කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව්.ගුණසේකර මහතා ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇත.

මේ නිසා අදාල තනතුර සඳහා පක්ෂයේ සාමාජිකයෙකු වන විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ මහතා පත් කිරීමට තීරණය කර ඇති බව පැවසෙයි.

පක්ෂයේ කටයුතු නව නායකයකුට භාරදීමේ අරමුණෙන් ඒ මතා ඉවත්වන බව පක්ෂයේ දේශපාලන කමිටුවට සඳහන් කර තිබේ.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය එකඟතාව මත අදාළ තනතුර සඳහා නව සාමාජිකයෙකු පත්කිරීමට නියමිතයි.

ඒ මහතා වැඩි දුරටත් පවසා ඇත්තේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය තුළ ඉදිරියටත් කටයුතු කරන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad