‘රැකියා ලක්ෂය පක්ෂග්‍රාහිව තෝරලා කියන එක මේ ලැයිස්තු බැලුවම පේනවා. මේකෙන් අපිටයි අවාසි වෙලා තියෙන්නේ.ජනාදිපතිතුමා කිව්වේ දුප්පත්කම සලකල කටයුතු කරන්න කියල.කිසිම දේහපාලන බේදයකින් තොරව මේ රැකියා ලක්සය අපි ලබල දෙනවා. හැබැයි තෝරපු ක්‍රමයේ වෙසක් තියෙනවා. මේවා මේග්‍රා ම නිලධාරිවරු හා තව කට්ටියක් එකතුවෙලා තෝරල තියෙනවා’ යයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කීය.
රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කර සිටියේ සතිපතා පැවැත්වෙන ඉරිදා විග්‍රහය මාධ්‍ය හමුවට ඇඹිලිපිටියේදී එක්වෙමිණි.
වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මේක තෝරපු ආකාරයට අපිට ප්‍රශ්ණයක් තියෙනවා.මේකෙන් අසාධාරණය වෙලා තියෙන්නේ පොහොට්ටුවට ඡන්දය දීපු අයට. මේ ලැයිස්තුවල වැඩි හරියක් බැලුවම තේරිලා ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ අය. ජනාධිපතිතුමාටයි සියලු දෙනාටම කියනවා මේ තොරපු ක්‍රමය වැරදියි.
මේ අයට වත්කමක් තියනවනම් මේ වගේ වත්කමක් තියනව කියල ග්‍රාම නිළධාරී සහතිකයක් දිය යුතුයි. ලක්ෂ 14ක් විතර පෙනී ඉදල ඒ ගොල්ලන් තෝරල එවල තියෙනවා ඒ ගොල්ලොන්ගේ පාක්ෂිකයන් කියන පිරිසක්.
දැන් මේ තොරපු ක්‍රමය වැරදියි. මේක තෝරනවනම් කමිටුවක් පත්කල යුතුයි. අපි රුපියල් 5000 දෙනකොට කමිටුවක් පත්කලා. අපි කියනවා මන්ත්‍රිවරයා අයින් කරන්න ප්‍රශ්නයක් නැහැ. මේකට ග්‍රාම නිළධාරිතුමා,සංවර්ධන නිළධාරීතුමා,මේකට හමුදාව දැම්මට ප්‍රශ්ණයක් නැහැ. එක්කෙනෙක් දාල තෝරණ එක අසාදාරණයි. අපේ අපේ ප්‍රාදේශිය දේශපාලඥයෙකුගේ කිසිම ලැයිස්තුවක් අපි දාල නැහැ. මේකෙන් අසාදාරනය වෙලා තියෙන්නේ අපේ අහින්සක දුප්පත් ජනතාවට.
දුප්පත් 50ක් ගමක ඉන්නවනම් ඒ පනහම තොරන්න ඒ අය එන්න ඕන. මේක සාදාරන වියයුතුයි. මේ රැකියා ලක්ෂය දෙන්නේ පවුල් ලක්ෂයක් පොහොසත් කරන්න. විපක්ෂය වෙනුවෙන් පෙනි සිටින අයට තමයි මේ තේරිම් කරල තියෙන්නේ.
කිසි සේත්ම මේ ආකාරයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ කටයුතු වෙන්න ඉඩ නොතබන බවද රාජ්‍ය අමාතය ජානක වක්කුඹුර මහතා වැඩි දුරටත් කීය.
Sunday, August 30, 2020
අපේ රජයේ රැකියා වැඩපිලිවෙල පක්‍ෂග‍්‍රාහීයි.. අසාධාරණයි..- ඇමති වක්කුඹුර
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment