කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු විදෙස් රටකට ලබානොදෙන ලෙස ඉල්ලමින් වරාය සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව එම වෘත්තිය සමිති මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළේය.
අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග තංගල්ල කාල්ටන් නිවසේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබීය.
එම සාකච්ඡා සාර්ථක බව වරාය වෘත්තීය සමිති පැවසීය. ඒ අනුව වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ඔවුන් තීරණය කර තිබේ.
වරාය නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටලුවක් මුල් කරගනිමින් වරාය වෘත්තීය සමිති 23ක් පසුගිය සිකුරාදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.
No comments:
Post a Comment