හෙරොයින් ඇතුළු තහනම් භාණ්ඩ ගෙලේ ගැට ගසා සිටි කොළඹ මැගසින් බන්ධනාගාර පරිශ‍්‍රයේදී බන්ධනාගාර නිලධාරීන් භාරයට ගත්, බළලා වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලීසියට භාර දෙන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසනවා.
බේස්ලයින් මාර්ගයේ මැගසින් බන්ධනාගාර පිවිසුම් දොරටුව ආසන්නයේ දි බන්ධනාගාර බුද්ධි නිලධාරීන් විසින් එම බළලා අල්ලාගෙන තිබුණේ ඊයේ (01) දිනයේදීයි.
එම බළලාගේ ගෙලෙහි බැඳ තිබූ කුඩා පාර්සලයක තිබී හෙරොයින් ග‍්‍රෑම් 1.7 ක්, සිම්කාඞ්පත් 02 ක් සහ මෙමරි කාඞ්පතක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගනු ලැබුවා.
වැලිකඩ බන්ධනාගාරයට පිටතින් තහනම් භාණ්ඩ විසි කරන පුද්ගලයන් කිහිප දෙනෙකු ඉකුත් සති කිහිපය ඇතුළත බොරැල්ල පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඊට විකල්පයක් ලෙස තහනම් භාණ්ඩ බන්ධනාගාරය තුළට රැගෙන යාම සඳහා මෙලෙස බළලෙකු යොදා ගන්නට ඇති බවට අනුමාන කෙරෙන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.
මේ අතර මත්ද්‍රව්‍ය රැගෙන යාමට යොදා ගත් බව කියන උකුස්සකු ද පසුගියදා අතුරුගිරිය පොලිසිය විසින් සිය භාරයට ගෙන දෙහිවල සත්වෝද්‍යානයට භාර දීමට පියවර ගැනුණා.
Sunday, August 2, 2020
මැගසින් බන්ධනාගාරයට කුඩු ගෙන ආ බළලා බොරැල්ල පොලිසියට
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment