හන්තානත් හෙලි පෙහෙලි කරයි.. එනසාල් වගාවක්ලු.. ප‍්‍රබල දේශපාලඥයෙක් පසුපස - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 31, 2020

හන්තානත් හෙලි පෙහෙලි කරයි.. එනසාල් වගාවක්ලු.. ප‍්‍රබල දේශපාලඥයෙක් පසුපස

න්තාන කඳු වැටියේ පරිසර සංවේදී ප්‍රදේශයේ අක්කර 19 ක පමණ ප්‍රදේශයක් මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ බලපෑම මත එළිපෙහෙළි කරමින් ඇතැයි පරිසරවේදීන් චෝදනා කරයි.

පසුගිය 27 වැනිදා සිට එම ප්‍රදේශයේ කිසියම් පිරිසක් විසින් එළිපෙහෙළි කරමින් තිබෙන බවත් දැනට අක්කර දෙකකට ආසන්න භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම හෙළි කර ඇතත් ඇති බවත් හන්තාන සුරකින්නන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම ප්‍රදේශය එනසල් වගාවක් සිදු කිරීමට හෙළිපෙහෙළි කරන බවට තොරතුරු ලැබී ඇතැයිද පරිසරවේදීහු කියා සිටිති.

හන්තාන කඳු වැටියේ මීටර 3000ට වඩා ඉහල ප්‍රදේශ සංවර්ධන කාර්යයන් සිදු කිරීම සපුරා තහනම් යනුවෙන් එහි විශාල දැන්වීම් පුවරුවක්ද තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad