බන්ධනාගාරයට හෙරොයින් ගෙන ගිය පූසා හිරෙන් පනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 3, 2020

බන්ධනාගාරයට හෙරොයින් ගෙන ගිය පූසා හිරෙන් පනී

බන්ධනාගාරයට හෙරොයින් ගෙන ගිය පූසා හිරෙන් පනී

මැගසින් බන්ධනාගාරයට හෙරොයින් ප්‍රවාහනය කිරීමට යොදාගත් බවට සැකකෙරෙන බළලා අතුරුදන්ව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ පෙරේදා (01 වැනිදා) මැගසින් බන්ධනාගාර අසලදී බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරීන් භාරයට ගනු ලැබූ බළලාය.

එම බළලාගේ ගෙලෙහි බැඳ තිබූ ඉටිකවරයක තිබී හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් හතක්, සිම් කාඩ්පත් දෙකක් මෙමරි කාඩ්පතක් බන්ධනාගාර නිලධාරීන් සොයාගෙන තිබේ.

මෙම බළලා ලවා හෙරොයින් යවා ඇත්තේ කුමන රැඳවූවකුට ලබාදීමටද යන්න සෙවීම සඳහා විමර්ශන ආරම්භ කොට ඇති බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.

බළලා අතුරුදන්ව ඇත්තේ අත්අඩංගුවට ගෙන කාමරයක රඳවා සිටියදී බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad