සම්පායෝ සැගවී ඇත්තේ දේශපාලඥයෙකුගේ සෙවනේ… ඔහු කුරුණෑගල ප‍්‍රබලයෙක් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 3, 2020

සම්පායෝ සැගවී ඇත්තේ දේශපාලඥයෙකුගේ සෙවනේ… ඔහු කුරුණෑගල ප‍්‍රබලයෙක් !

පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ද සම්පායෝට සැඟවී සිටීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුගේ සහ ධනවත් ව්‍යාපාරිකයෙකුගේ රැකවරණ ලැබී ඇති බව අද දිවයින පුවත්පත වාර්තා කරයි.

පොලිසිය විසින් ඔහු අල්ලා ගනු ලැබුවේ එසේ සැඟවී සිටි ස්ථානයක් හඳුනාගෙන සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් පසු ය.

අත්අඩංගුවට ගත් ඔහු මේ වන විට රහස් පොලිසිය හමුවේ ප්‍රශ්න කරමින් සිටියි.

මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් සමග සමීප සබඳතා පවත්වමින් ඔවුන්ට සැප පහසුකම් ලබා දුන්නේ යැයි ඔහුට චෝදනා එල්ලවී තිබේ.

අත්අඩංගුට ගන්නා ලෙස අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සති 2කට ආසන්න කාලයක් තිස්සේ ඔහු සැඟවී සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad