"කිඹුල් කඳුලු හළලා වැඩක් නෑ: ආගම් පදනම් කර ගත් පක්ෂ තහනම් කරන්න" – කාදිනල් හිමිගෙන් සැර ප්‍රකාශයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 31, 2020

"කිඹුල් කඳුලු හළලා වැඩක් නෑ: ආගම් පදනම් කර ගත් පක්ෂ තහනම් කරන්න" – කාදිනල් හිමිගෙන් සැර ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය පිටුපස සිටින සැබෑ වරදකරුවන් සොයා ඔවුන්ට දඩුවම් දෙන්නැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටියි. උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ වගකීම් පැහැරහැරි ඇතැම් පිරිස් දැන් ජනාධිපති කොමිසම හමුවේ කිඹුල් කඳුළු හෙළන බවයි.

තේවත්ත ජාතික බැසිලිකාවේ දේව මෙහෙයකට ඊයේ (30) එක්වෙමින් උන්වහන්සේ මේ බව පවසා සිටියහ.

රජය විසින් පාස්කු ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයින් සොයා ඔවුන්ට දඩුවම් කරන බවට වු පොරොන්දුව ඉටුකරාවි යැයි තමන් බලාපොරොත්තු වන බවත් එසේම ආගම හා භාෂාව පදනම් කරගත් සියලු පක්ෂ තහනම් කිරීමට තමන් රජයට යෝජනා කර සිටින බවත් කාදිනල් හිමියෝ ප්‍රකාශ කර සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad