අවස්තාවක් නොලැබෙන්නේ නම් දේශපාලනයෙන් විශ්‍රාම යාමට සිදුවනවා - කරූ ජයසූරිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 31, 2020

අවස්තාවක් නොලැබෙන්නේ නම් දේශපාලනයෙන් විශ්‍රාම යාමට සිදුවනවා - කරූ ජයසූරිය

පුළුල් දේශපාලන වැඩපිළිවෙළක් සඳහා අවතීර්ණ වීම තවදුරටත් ප්‍රමාද වන්නේ නම් තමන් දේශපාලනයට සමුදීමට සූදානම් බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කර ඇත. එක්සත් ජාතික පක්ෂ නායකත්වය භාර ගැනීමට කැමැති වීම තම පුද්ගලික අවශ්‍යතාවයක් නොවන බවත් ඔහු පවසා ඇත්තේ තම දේශපාලන හිතවතුන් පිරිසක් සමග අදහස් පළ කරමිනි.

තමන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට කැමැත්ත පළ කළේ විශාල පිරිසකගේ ඉල්ලීම බැහැර කළ නොහැකි නිසා බවත් රට වෙනුවෙන් පුළුල් දේශපාලන දායකත්වයක් හා ප්‍රතාපවත් දේශපාලන පක්‍ෂයක් ආරක්ෂා කරදීම වෙනුවෙන් බවද සඳහන් කර තිබේ.

කෙසේ නමුත් ඒ සඳහා තමාට අවස්තාවක් නොලැබෙන්නේ නම් දේශපාලනයෙන් විශ්‍රාම යාමට සිදුවන බවද ඔහු සඳහන් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad