දූෂිත නිලධාරීන් කර මුලට හිරවෙයි - පතාලේ හුලං බහියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 30, 2020

දූෂිත නිලධාරීන් කර මුලට හිරවෙයි - පතාලේ හුලං බහියි

සමස්ත දිවයිනම අපරාධ හා දූෂණවලින් වළක්වා ගැනීම සඳහා පොලිස් බුද්ධි ජාලයක් ක්‍රියාත්මක කිරීමටද ආරක්ෂක අමාත්‍යාංශය හා නීතිපති දෙපාර්තමේන්තුව එක්ව නීතිමය වශයෙන් කටයුතු කිරීමේ නව සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටද කටයුතු යොදා තිබේ.

ඒ අනුව රාජ්‍ය ආයතනවල දූෂිත නිලධාරීන්ටද දැනට පවත්නා නීති රීතිවලට වඩා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇත.

රාජ්‍ය ආයතනවල සිදුවන දූෂිත ක්‍රියාවන්ට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම, නීතිවිරෝධී ආයුධ සංසරණය හා රජයේ ඉඩම් අත්පත් කර ගැනීම ඇතුළු අපරාධ වැළැක්වීමට මේ අනුව කටයුතු කරන බව ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පවසයි.

මත් ජාවාරම්කරුවන් හා අපරාධකල්ලි අත්අඩංගුවට

මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, බෙදා හරින්නන් හා භාවිත කරන්නන් අත්අඩංගුවට ගැනීම ශීඝ්‍ර ලෙසින් ඉහළ ගොස් ඇති අතර අපරාධකල්ලි සාමාජිකයන්ද සැලකිය යුතු ලෙසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙරට විශාල වශයෙන් ව්‍යාප්තවුණ සංවිධානාත්මක අපරාධ රැල්ල, මත්ද්‍රව්‍ය රැල්ල, කප්පම් ගැනිල්ල සහ පාතාල සාමාජිකයින්ගේ ක්‍රියාකාරකම් මේ වන විට බොහෝ දුරට අඩුවී ඇති බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad