ටයරයක් හිසට වැදුණු ‘ජපුර සිසුවාට’ විශ්ව විද්‍යාලය දුන් සහාය නවත්වයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 31, 2020

ටයරයක් හිසට වැදුණු ‘ජපුර සිසුවාට’ විශ්ව විද්‍යාලය දුන් සහාය නවත්වයි

යරයක් හිසට වැදීමෙන් අනතුරට ලක් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කළමනාකරණ පීඨ ශිෂ්‍යයාට ලබා දෙන රුපියල් තිස් පන්දහසක පමණ මාසික දීමනාව නතර කිරීමට එම විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථින්ගේ සංසදය තීරණය කර තිබෙනවා.

අනතුරට ලක් වීමේ සිද්ධියට අදාළව එම ශිෂ්‍යයා විශ්වවිද්‍යාලයට එරෙහිව නඩු පැවරීම මෙම තීරණයට හේතු වී ඇති බව වාර්තා වනවා.

පසිඳු හිරුෂාන් නම් මෙම ශිෂ්‍යයා අනතුරට ලක් වූයේ ඉකුත් මාර්තු මස 5 වැනිදා විශ්වවිද්‍යාලයේ පැවති සාදයක් අවසානයේ දී යි.

ජ්‍යෙෂ්ඨ සිසුවකු විසින් එවන ලද ටයරයක් හිසේ වැදීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ පසිඳු ශිෂ්‍යයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා මේ වන විට නිවසේ සිටිමින් තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

අනතුරට ලක් වූ ශිෂ්‍යයා වෙනුවෙන් විශ්වවිද්‍යාලය මේ වන විට රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් ලබා දී ඇති අතර ඊට අමතරව නිවසේ සිට අධ්‍යයන කටයුතු කිරීම සඳහා පරිගණකයක් ද පිරිනමා තිබෙනවා.එමෙන් ම ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් රෝහලට යාම සඳහා ප්‍රවාහන පහසුකම් සලසන්නේ ද විශ්වවිද්‍යාලයෙනි.

ප්‍රතිකාර සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දී සිද්ධියට සම්බන්ධ ශිෂ්‍යයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති තත්ත්වයක දී විශ්වවිද්‍යාලයට එරෙහිව නඩු පැවරීම පිළිගත නොහැකි බවත් එහෙයින් මාසික දීමනාව නතර කිරීමට තීරණය කළ බවත් විද්‍යාර්ථින්ගේ සංසදයේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.


No comments:

Post a Comment

Post Bottom Ad