2020ට අලුත් දේශපාලන පක්ෂ 150ක්: එන මැතිවරණයට ඇපේ කෝටියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 31, 2020

2020ට අලුත් දේශපාලන පක්ෂ 150ක්: එන මැතිවරණයට ඇපේ කෝටියයි

2020 වර්ෂයට අදාළව දේශපාලන පක්ෂ 150 ක් ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.

ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කළ පක්ෂ අතරෙන් පක්ෂ 40ක් මුල් වටයේදීම ප්‍රතික්ෂේප වී ඇති බවද ඔහු කියා සිටී.

ප්‍රතික්ෂේප වූ පක්ෂ මූලික සුදුසුකම් සපුරා නැති බව ඒ මහතා කීය.

මේ අතර, ස්වාධීන කණ්ඩායමක් විසින් මැතිවරණයක් වෙනුවෙන් තැන්පත් කළ යුතු ඇප මුදල රුපියල් ලක්ෂ සියය දක්වා ඉහළ දැමිය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ඒමට සූදානම් වන බවද වාර්තා වේ.

එමෙන්ම යම් ලියාපදිංචි දේශපාලන පක්ෂයක් පළමුවරට ඉදිරිපත් වන මැතිවරණයේ දී ප්‍රමාණවත් ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන නොමැති නම් දෙවැනි වරට ඉදිරිපත් වන ඡන්දයේ දී තැන්පත් කළ යුතු ඇප මුදල ද රුපියල් ලක්ෂ පනහක් කළ යුතු බව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පිහිටුවන ලද කමිටුවේ සභාපති, ඇමැති නිමල් සිරිපාලද සිල්වා විසින් යෝජනා කර ඇතැයි වාර්තා වේ.

ඡන්ද පදනමක් නැති ඇතැම් ස්වාධීන කණ්ඩායම් සහ පක්ෂ වෙනත් පාර්ශ්වයන්ගේ අවශ්‍යතාව මත මැතිවරණවලට තරග කිරීම වැළැක්වීම සඳහා මෙසේ ඇප මුදල ඉහළ දැමිය යුතු බවට යෝජනා වී තිබේ.

මෙසේ ඇප මුදල වැඩි කිරීමට යෝජනා වී ඇත්තේ ඡන්ද පදනමක් නැති ඇතැම් ස්වාධීන කණ්ඩායම් සහ පක්ෂ වෙනත් පාර්ශ්වයන්ගේ අවශ්‍යතාව මත මැතිවරණවලට තරග කිරීම වැළැක්වීම සඳහාය.


No comments:

Post a Comment

Post Bottom Ad