මුස්ලිම් නියා වෙනම නීතියක් එපා.. අවසානයේ මුස්ලිම් රටකුත් දෙන්න වෙයි.. එක රටක් එක නීතියක් - මුසම්මිල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 31, 2020

මුස්ලිම් නියා වෙනම නීතියක් එපා.. අවසානයේ මුස්ලිම් රටකුත් දෙන්න වෙයි.. එක රටක් එක නීතියක් - මුසම්මිල්

මුස්ලිම් නීති, කාති උසාවි අහෝසි කිරීමට විරෝධය පළ කරමින් ගි ජන බලවේගය අපේක්ෂක ඉමිතියාස් බාකිර් මාකර් මහතා විසින් සිදුකළ ප්‍රකාශය හෙළා දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.

ඉමිතියාස් බාකිර් මාකර් වැනි සිංහල උගත් සිංහල භාෂාව හොදින් හසුරුවන සහ සිංහල ජනතාවගේ ප‍්‍රසාදයටද පත් වූ කෙනෙක් මෙවැනි අන්තවාදී මතය දැරීම ගැන තමා කනගාටු වන බවද ඔහු කියයි.

එක රටක් තුළ තිබිය යුතුය එක නීතියක් බවත් ජාතීන් වශයෙන් බෙදා වෙන වෙනම නීති ඇති කරන්න ගියොත් සිංහලයන්ට වෙනම සිංහල නීතියක් දෙමළ ජාතිකයන්ට වෙන දෙමල නීතියක් ආදී ලෙස නීති සකසන්නට වනු ඇතැයිද ඔහු පැවසීය.

අවසානයේ එම වෙනම නීති ක්‍රියාත්මක කිරීමට ජාතීන් වශයෙන් වෙනම රටක් යන තත්වයට වෙන්වීමේ තැනක් දක්වා මෙය යා හැකි යැයි ද ඔහු පෙන්වා දෙයි.

එනිසා ශ්‍රී ලංකාව රටක් විදිහට එක රටක් එක නීතියක් යටතේ ක්‍රියාත්මක විය යුතු බව ද ජාතීන් හෝ ආගම් වශයෙන් වෙනම නීති අවශ්‍ය නැති බවත් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad