මම මිරිස් කුඩු ගහපු එක මමත් අනුමත කරන්නේ නෑ - ප්‍රසන්න රණවීර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 30, 2020

මම මිරිස් කුඩු ගහපු එක මමත් අනුමත කරන්නේ නෑ - ප්‍රසන්න රණවීර

මම මිරිස් කුඩු ගහපු එක මමත් අනුමත කරන්නේ නෑ - ප්‍රසන්න රණවීර

උගතුන් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට තේරී පත්විය යුතු බවට තිබෙන සමාජ කතිකාව නිවැරදි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණු අපේක්ෂක ප්‍රසන්න රණවීර මහතා පවසයි.

ඒ අනුව උගතුන් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට තේරී පත්කර ගත යුතු බවත් වියත්මග වැනි සංවිධානවල සාමාජිකයන්ට මෙවර මහ මැතිවරණය සඳහා අවස්ථාව ලබා දී ඇත්තේ ඒ නිසා බවත් ඔහු පවසයි.

කෙසේ වෙතත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව සිටින වියත්මග සංවිධානයේ අපේක්ෂකයන්ගෙන් තමාට කිසිදු අභියෝගයක් නොමැති බව ඔහු වැඩිදුරටත් පවසයි.

ප්‍රසන්න රණවීර මහතා මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී පසුගිය පාර්ලිමේන්තුවේදී ප්‍රසන්න රණවීර ඇතුළු ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු ලබා දෙමින් ඔහු සඳහන් කළේ, තමන් පාර්ලිමේන්තුව තුළදී මිරිස් කුඩු ගැසුවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් බවට තමන් මීට පෙර සිදුකළ ප්‍රකාශය අදද අනුමත කරන බවයි.

ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමට හැකි නම්, රන්ජන් රාමනායකට, පාලිත තෙවරප්පෙරුමට පාර්ලිමේන්තුවට පිහි කිනිසි රැගෙන ඒමට හැකි නම් තමන් මිරිස් කුඩු ගෙනයාම වැරැද්දක් වන්නේ කෙසේදැයි ප්‍රසන්න රණවීර මහතා විමසා සිටී.

මිරිස් කුඩු ගැසීම ජනාධිපතිවරයා පමණක් නොව තමාද අනුමත නොකරන බවත්, කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් තමාට එදා එවැනි පියවරක් ගැනීමට සිදු වූ බවත් රණවීර මහතා අවධාරණය කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad