අපේ‍්‍රල් සහ මැයි මාසවල පරිභෝජනය කළ ගෘහස්ථ විදුලිය සඳහා රජය විසින් ලබාදුන් සහන ක‍්‍රියාත්මක කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව විදුලි පාරිභෝගිකයින් විසින් මෙම මාස දෙක සඳහා ගෙවිය යුත්තේ පෙබරවාරි හෝ මාර්තු මස ලැබුණු අවම විදුලි බිලට සමාන ගාස්තු බවත්, වැඩිපුර මුදල් ගෙවා ඇති පාරිභෝගිකයිනට ඉදිරි බිල්පත් මගින් එය අඩුකරන බවත් විදුලිබල අමාත්‍යංශය පවසයි.
කොවිඞ් 19 වෛරස රෝගය පැතිර යෑම පාලනය සඳහා රජය විසින් අපේ‍්‍රල් සහ මැයි මාස දෙකෙහි පනවනු ලැබූ නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ගෘහස්ථ විදුලි පරිභෝජනය වැඩිවීම නිසා ඊට සහන සැලසීමට විදුලි බල හා බලශක්ති ඇමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවීමත් සමග මෙම සහන ලබාදීමට තීරණය විය.
Thursday, July 30, 2020
ගැසට් පත්‍රය නිකුත් කරයි - විදුලි බිලට සහන දෙන්නේ මෙහෙමයි
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment