පන්නිපිටියේ ටියුෂන් ගුරා දරුවන්ගේ අසැබි වීඩියෝ විදේශිකයන්ට විකුණලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 30, 2020

පන්නිපිටියේ ටියුෂන් ගුරා දරුවන්ගේ අසැබි වීඩියෝ විදේශිකයන්ට විකුණලා

පන්නිපිටියේ ටියුෂන් ගුරා දරුවන්ගේ අසැබි වීඩියෝ විදේශිකයන්ට විකුණලා

ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස පෙනී සිටි පන්නිපිටියේ සැකකරු කුඩා දරුවන්ගේ අසැබි වීඩියෝ හා ඡායාරූප ගෙන ඒවා රටවල් පහක විදේශිකයන්ට විකුණන ජාවාරමක් කරගෙන ගොස් ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

ඇමරිකාව, ජර්මනිය, ස්පාඤ්ඤය, මැලේසියා ඇතුළු රටවල විදේශිකයන්ගේ ඊමේල් ලිපිනයන්ට හා තැපැලෙන් සීඩී පට පවා යවා මුදල් උපයා ඇති බව අනාවරණය කරගෙන ඇත.

ඒ වෙනුවෙන් රුපියල් විසිදහස, තිස්දහස වැනි ගණන් සැකකරුගේ ගිණුමට වැටී ඇති බවද හෙළිවී ඇත.

ශ්‍රී ලංකා දරුවන් සමලිංගික සේවයට යොදවන බවට හුවා දක්වමින් වයස අවුරුදු අටත්, දොළහත් අතර දරුවන්ගේ වීඩියෝ පට හා ඡායාරූප ගෙන මෙසේ පිටරටට යවා ඇතැයි ද ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබේ.

ප්‍රසිද්ධ ළමා චරිතවල සිටින දරුවන් ඉලක්ක කර ෆේසස්බුක් ගිණුම් පවා මෙම සැකකරු සකසා ඇති බවද වාර්තා වේ.

සැකකරු ළමා චිත්‍රපටයක තිරපිටපතක්ද ලියා ඇති අතර එය තිරගත වූ ප්‍රසිද්ධ චිත්‍රපටයකි.

මේ පිළිබඳ දීර්ඝ විමර්ශනයක් කිරීමට ඇතැයි බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නියෝග කර ඇත.

සැකකරුගේ පන්නිපිටිය නිවෙස පරීක්ෂා කිරීමේදී වීඩියෝ පට සහිත සීඩී 130ක්, පරිගණක හා ළමා යට ඇඳුම් අල්මාරියක් සහ ළමයින්ගේ හිසකෙස් 192ක් සොයාගෙන තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad