මම යුද්ධ කරද්දී රාජපක්ෂලා කළේ කේක් කපපු එක - ෆොන්සේකා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 30, 2020

මම යුද්ධ කරද්දී රාජපක්ෂලා කළේ කේක් කපපු එක - ෆොන්සේකා

මම යුද්ධ කරද්දී රාජපක්ෂලා කළේ කේක් කපපු එක - ෆොන්සේකා

තමන් ඇතුළු හමුදාවේ ක්‍රියාකාරීත්වය මත ලද යුධ ජයග්‍රහණය රාජපක්ෂලාට ලාබෙට ගත් බවත් ඔවුන්ට මාවිල් ආරුවවත් බේරාගැනීමේ අදහසක් මුලදී නොතිබුණු බවත් හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි. 

"සාම්පූර් ඇල්ලුවා කිව්වා, කියලා කේක් එකක් කැපුවා කිලෝ 20යි. ඊළඟට අපි 2007 ජුලි 25 වෙනකොට මං නැගෙනහිර අල්ලලා ඉවර කළා. එතකොට අපිට කේක් එකක් කැපුවා මෙච්චර විතර. ඊට පස්සෙ යුද්ධෙම ඉවර කළා අවුරුදු දෙකයි මාස නවයකින්, කුම්භාණ්ඩයා කේක් එකක් කැපුවා මෙච්චර විතර ඇති කිලෝ එකක් නෑ ! ඔන්න රාජපක්ෂ ! යුද්ධෙ ලාබෙට හම්බවුණා. හිතුවෙවත් නෑ මාවිල් ආරුවවත් බේරගන්න කියලා" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය. 

No comments:

Post a Comment

Post Bottom Ad