මේ රනිල්ගේ අවසන් දේශපාලන තුරුම්පුවයි - ආණ්ඩුව එක්ක රනිල්ගේ ඩීල් දේශපාලනය යළි යළිත් තහවුරුයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 29, 2020

මේ රනිල්ගේ අවසන් දේශපාලන තුරුම්පුවයි - ආණ්ඩුව එක්ක රනිල්ගේ ඩීල් දේශපාලනය යළි යළිත් තහවුරුයි

මේ රනිල්ගේ අවසන් දේශපාලන තුරුම්පුවයි - ආණ්ඩුව එක්ක රනිල්ගේ ඩීල් දේශපාලනය යළි යළිත් තහවුරුයි

කුමන්ත්‍රණවලට මහ මැතිවරණයේදී පිළිතුරු ලැබෙන බව සමගි ජන බලවේගය ඊයේ (28) පස්වරුවේ නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

එළැඹෙන මහ මැතිවරණයේ නියත පරාජය හමුවේ ආණ්ඩුව ශක්තිමත් කිරීමට රනිල් වික්‍රමසිංහ සිය අවසන් දේශපාලන තුරුම්පුවද ක්‍රියාවට නංවා තිබේ. එය ඔහුගේ සුපුරුදු දේශපාලනයේම දිගුවකි. පසුගිය ඉතිහාසය පුරාම පක්ෂයේ නායකයන්, ක්‍රියාකාරීන් සහ සාමාජිකයන් සිය ගණනක් පක්ෂයෙන් ඉවත් කිරීමට, නෙරපා හැරීමට හෝ පක්ෂය හැරයෑමට සලස්වමින් තමාගේ සහ තම මිතුරන්ගේ නායකත්වය රැක ගැනීමට කටයුතු කළ වික්‍රමසිංහ මහතා අදවනවිට පොදුජන පෙරමුණේ ජයග්‍රහණයට සෘජුවම දායක වී සිටි.

සමගි ජන බලවේගයෙන් තරග කරනු ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54 දෙනකු සහ ඊට සහාය දක්වනු ලබන පළාත් පාලන නියෝජිත පිරිසක් පක්ෂයෙන් ඉවත් කිරීමට ගත් තීරණයද ආණ්ඩුව සමග වික්‍රමසිංහ හවුලේ ඩීල් දේශපාලනය යළි යළිත් තහවුරු කිරීමකි.

දශක තුනකට වැඩි කාලයක් ජයග්‍රහණයක් ලබානොදී ආණ්ඩුවට තවදුරටත් මුක්කු ගසන වික්‍රමසිංහ කල්ලියට අගෝස්තු 5 වැනිදා ජනතාව නිසි පිළිතුරු ලබාදෙනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad