අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය මැතිවරණ කොට්ඨාසයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (29) ඇරඹිනි.
ඡන්ද මධ්‍යස්ථාන 05කදී තැපැල් ඡන්ද සලකුණූ කිරීම සිදුකෙරේ.
මේ අතර, නිරෝධායනයට ලක්වන පිරිස් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට වෙනම දිනයක් ලබා නොදෙන බව බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා පැවසීය.
මැතිවරණය පැවැත්වෙන අගොස්තු මස 05 වනදා පස්වවරු 5.00න් පසුව ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදෙන බව ඔහු සඳහන් කළේය.
කොවිඩ් නයින්ටීන් වෛරසය මැඩලීමේ ජනාධිපති කාර්යය සාධක බලකායේ පැවැති විශේෂ රැස්විමකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
සෞඛ්‍ය අංශ විසින් නිර්දේශිත සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව මෙවර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
මේ අතර මහ මැතිවරණයට අදාළ නිල තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරිම අද දිනයෙන් අවසන්වන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.
No comments:
Post a Comment