වැලිකඩ බන්ධනාගාරයේ ලොක්කෙකු සහ නිලධාරියෙකු ගුටිබැට හුවමාරුවක - අයෙක් රෝහලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 29, 2020

වැලිකඩ බන්ධනාගාරයේ ලොක්කෙකු සහ නිලධාරියෙකු ගුටිබැට හුවමාරුවක - අයෙක් රෝහලේ

වැලිකඩ බන්ධනාගාරයේ ලොක්කෙකු සහ නිලධාරියෙකු ගුටිබැට හුවමාරුවක - අයෙක් රෝහලේ

වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරයෙකුට එම බන්ධනාගාරයේ කොමසාරිස්වරයෙකු විසින් පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (28) රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන පිවිසුමේ රාජකාරී කටයුතුවල නිරතව සිටි අදාළ නියාමකවරයා සහ බන්ධනාගාර කොමසාරිස්වරයා අතර බහින්බස්වීමක් සිදුව ඇත.

පසුව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් කොමසාරිස්වරයා විසින් නියාමකවරයාට පහරදී ඇති අතර ඔහු මේ වන විට ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

පහරකෑමට ලක් වු නියාමකවරයාගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් පත්කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පියවර ගෙන තිබේ.

සිද්ධියට අදාළ බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් මේ වන විට ප්‍රකාශයක් ලබාගෙන ඇති බව වාර්තා විය.

No comments:

Post a Comment

Post Bottom Ad