නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරක දැන්වීම් ඉවත් කිරීමට විශේෂ මෙහෙයුම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 28, 2020

නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරක දැන්වීම් ඉවත් කිරීමට විශේෂ මෙහෙයුම්

නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරක දැන්වීම් ඉවත් කිරීමට විශේෂ මෙහෙයුම්

මහමැතිවරණයට අදාළව නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරක දැන්වීම්, පෝස්ටර් හා කටවුට් ආදිය ඉවත් කිරීම සඳහා දෛනිකව මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව, දිවයිනේ සෑම පොලිස් බලප්‍රදේශයක්ම ආවරණය වන පරිදි විශේෂ මාර්ග බාධක, ජංගම සංචාර හා යතුරුපැදි සංචාර යොදවා මාර්ගයේ අපේක්ෂකයෙකු ගමන් ගන්නා වාහනයක හැර බස් රථ ත්‍රිරෝද රථ ඇතුළු සියලූ වාහනවල සවිකර ඇති ප්‍රචාරක දැන්වීම් ගලවා ඉවත් කරනු ලබයි.

එමෙන්ම මාර්ග දෙපස හා පොදු ස්ථානවල නීතිවිරෝධී අයුරින් ප්‍රදර්ශනය කර ඇති මැතිවරණ ප්‍රචාරක දැන්වීම් ඉවත් කිරීම ද මේ යටතේ සිදු වේ.

No comments:

Post a Comment

Post Bottom Ad