මැතිවරණ කොමිසම ගැටලුකාරී තත්ත්වයක - කොවිඩ්-19 නිර්දේශ තවම ගැසට් කර නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 24, 2020

මැතිවරණ කොමිසම ගැටලුකාරී තත්ත්වයක - කොවිඩ්-19 නිර්දේශ තවම ගැසට් කර නෑ

මැතිවරණ කොමිසම ගැටලුකාරී තත්ත්වයක - කොවිඩ්-19 නිර්දේශ තවම ගැසට් කර නෑ

පාර්ලිමේන්තු මහා මැතිවරණයට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කරන ලද කොවිඩ්-19 නිර්දේශ එම අමාත්‍යාංශය විසින් මෙතෙක් ගැසට් නොකිරීම නිසා මැතිවරණ කොමිෂන් සභාවට නීති ක්‍රියාත්මක කිරීමේදී ගැටලුකාරී තත්ත්වයක් උද්ගතවී තිබේ.

එම නිර්දේශ මාලාව පසුගිය සිකුරාදා (19) ගැසට් කිරීමට නියමිතව තිබූ අතර,පසුව එය ඊයේ (23) දක්වා කල් ගියේය. නමුත්,ඊයේ (23) දිනයේදීද එම ගැසට් පත්‍රය මුද්‍රණයට යවා නොතිබිණි.

මැතිවරණ නීතිය සමග සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කරන ලද කොවිඩ්-19 නිර්දේශ සම්බන්ධ කිරීම සඳහා මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් පසුගියදා ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීද කියා සිටියහ.

මෙම ගැසට් පත්‍රය නිකුත් නොකළහොත්, මැතිවරණ කටයුතුවලදී කොවිඩ්-19 ට අදාළ නිර්දේශ කඩකරන්නන්ට එරෙහිව නීතිමය කටයුතු කිරීමේ ගැටලුදායක තත්ත්වයක් මතුවන බවද මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචිමාර්ග පවසයි.

අදාළ ගැසට් පත්‍රය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ (23) දිනයේදීද මුද්‍රණයට එවා නොතිබූ බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.

No comments:

Post a Comment

Post Bottom Ad