දෙවන කොරෝනා රැල්ලක අවධානමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 26, 2020

දෙවන කොරෝනා රැල්ලක අවධානමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

දෙවන කොරෝනා රැල්ලක අවධානමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

කොරෝනා වෛරස් ආසාදනය අඩුවෙමින් පවත්නා රටවල වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගනු ලැබූ පියවර කඩිනමින් ඉවත් කළහොත් ඒවායේ දෙවැනි කොරෝනා රැල්ලක් වහා ඇතිවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝකය තවමත් පවතින්නේ පළමු කොරෝනා ව්‍යාප්ති රැල්ලේ මැදභාගයේය.

බොහෝ රටවල කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අඩුවෙමින් පැවතුන ද, මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ, දකුණු ආසියාවේ සහ අප්‍රිකාවේ තවමත් වෛරසය තවදුරටත් පැතිරෙමින් පවසයි.

වසංගත රෝග බොහෝ විට තරංග ආකාරයෙන් පැතිරිය හැකිය.

ඒ අනුව, පළමු රැල්ල හීනවෙමින් පවතින රටවල මේ වසර අවසානයේ තවත් කොරෝනා රැල්ලක් ඇතිවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සේවා ප්‍රධානී වෛද්‍ය මයික් රයන්, ජිනිවා නුවර සිට අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad