සෞඛ්‍ය නිර්දේශ යටතේ ලබන සතියේ සිට ‘ජිම්’ ඇරී​මේ සූදානමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 26, 2020

සෞඛ්‍ය නිර්දේශ යටතේ ලබන සතියේ සිට ‘ජිම්’ ඇරී​මේ සූදානමක්

සෞඛ්‍ය නිර්දේශ යටතේ ලබන සතියේ සිට ‘ජිම්’ ඇරී​මේ සූදානමක්

පෙර ඇතුළත් කළ පාරිභෝගිකයන්ගෙන් හරි අඩක් ඇතුළත් කරමින් ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන ලබන සතියේ සිට යළි විවෘත කිරීමට අවසර ලබාදීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානය විවෘත කිරීමට පෙර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුවත් කළ යුතුය.

ඉන්පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු පැමිණ පරීක්ෂා කිරීමෙන් පසු ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන විවෘත කිරීමට අවස්ථාව උදා වේ. මීට අදාළ මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය අද (26) නිකුත් කිරීමට නියමිතය.

සියලුම උපකරණද මීටරයක පරතරයකින් සවි කළ යුතු අතර සැම විටම විෂබීජහරණය කළ යුතු වෙයි. ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානය ඇතුළත භාවිත කිරීම සඳහා වෙනම පාවහන් යුගල හෝ සපත්තු පාරිභෝගිකයා විසින් රැගෙන ආ යුතුය.

මුදල් ගෙවීම ඔන්ලයින් ක්‍රමයට සිදු කළ යුතු අතර, එක් එක් පාරිභෝගිකයාට වෙන වෙනම වේලාවක් ලබාදිය යුතුය.

මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කිරීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික සුදුසුකම්ලාභි ශාරීරික යෝග්‍යතා උපදේශකයන්ගේ සභාව සමගද විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මී සෝමතුංගගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත් විණි. ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන විවෘත කිරීම කිරීම සඳහා එහිදී තම යෝජනා භාරදුන් බව ශාරීරික යෝග්‍යතා උපදේශකයන්ගේ සභාවේ සභාපති සුදත් ගෝඨාභය පවසයි.

දිවයින පුරා ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන 5000 ක් ඇති අතර අවම වශයෙන් සේවක සේවිකාවන් 20000 ක් පමණ ඒවායේ සේවය කරන බව සභාපතිවරයා ප්‍රකාශ කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad