රූපවාහිනියේ වැටුප් ගෙවන්න කෝටි 20ක ණයක් ගන්න යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 26, 2020

රූපවාහිනියේ වැටුප් ගෙවන්න කෝටි 20ක ණයක් ගන්න යයි

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා සේවකයන්ගේ මැයි සහ ජූනි මාසවල වැටුප් ගෙවීම හා අනෙකුත් වියදම් පියවාගැනීම සදහා රුපියල් කෝටි 20ක ණය මුදලක් ලබාගැනීමට තීරණය කර ඇත.

එම ණය මුදල ලංකා බැංකුවෙන් ලබාගැනීම සදහා මහා භාණ්ඩාගාරයෙන් ඇපකරයක් ලබාදෙන්නැයි තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් සංදේශයක් මගින් ඉල්ලීමක් කර ඇත.
රූපවාහිනී සංස්ථාවේ සේවකයන් 934 දෙනකු සිටින අතර ඔවුන්ට වැටුප් ගෙවීම සදහා රුපියල් කෝටි 5ක පමණ මුදලක් මාසිකව වැය වන බව වාර්තා වේ.

ඔවුන්ට අනෙකුත් දීමනාගෙවීම සදහා මාසිකට රුපියල් කෝටි තුන හමාරක පමණ මුදලක් ද වැය වන බව රූපවාහිනී සංස්ථා ආරංචි මාර්ග පවසයි.

රූපවාහිනී සංස්ථාවේ ආදායම විශාල වශයෙන් අඩුවී ඇති අතර ලොතරැයි මණ්ඩල දෙකෙන් මාසිකව ලැබුණ රුපියල් කෝටි 6ක පමණ ආදායම සම්පූර්ණයෙන් අහිමි වී ඇතැයි ද ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත.

අජන්ත කුමාර අගලකඩ


No comments:

Post a Comment

Post Bottom Ad