සජිත් අතහැර සමගි ජන බලවේගයේ පිරිසක් එජාපයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 27, 2020

සජිත් අතහැර සමගි ජන බලවේගයේ පිරිසක් එජාපයට

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවන ලෙස පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට දන්වා ඇත.
එක්සත් ජාතික පක්ෂයේ අතහැර සමගි ජන බලවේගයට එක් වූ එජාප පිරිස් සම්බන්ධයෙන් අවසන් තීරණයක් එහිදී ගැනීමට නියමිතය.
නමුත් මහ මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයට එකතු වීමට පොරොන්දු වී ඇති පිරිසගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි නොකරනැයි වික්‍රමසිංහ මහතා විසින් දැනුම් දී ඇත.


එක්සත් ජාතික පක්ෂය අතහැර සමගි ජනබලවේගයෙන් මැතිවරණයට තරග වැදීම සඳහා නාම යෝජනා ලබා දුන් එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම නැවතත් එක්සත් ජාතික පක්ෂයට එක්වන බවට පොරොන්දු වී ඇති බව වාර්ථා වෙයි.
ඒ අනුව ඔවුන් කිසිවකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි නොකරන ලෙස නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනුම් දී ඇත.
මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයට එකම එක්වන බවට දැනුම් දී ඇති පිරිසක් සමග දැනටමත් සාකච්ඡා වට කීපයක් පවත්වා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad