ආරුමුගන් තොණ්ඩමාන් වෙනුවට ජීවන්ට නාමයෝජනා දෙන්නැයි ඉල්ලීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 28, 2020

ආරුමුගන් තොණ්ඩමාන් වෙනුවට ජීවන්ට නාමයෝජනා දෙන්නැයි ඉල්ලීමක්

භාවප්‍රාප්ත ආරමුගන් තොණ්ඩමාන් මහතා වෙනුවෙන් ඉදිරි මහමැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ජීවන් තොණ්ඩාමන් මහතාට නාම යෝජනා ලබා දෙන ලෙස කම්කරු කොංග්‍රසය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, එම පක්ෂයේ උප සභාපති සෙන්දිල් තොණ්ඩමාන් මහතා විසින් මෙම ඉල්ලීම අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරනු ලැබූ බවයි.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්ව ගත් මෙම තීරණය සම්බන්ධයෙන් එහි සාමාජිකයින් අද විජේරාමේ පිහිටි නිල නිවසේදී අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කර තිබේ.

එහිදී ආරුමුගන් තොණ්ඩමාන් මහතා වෙනුවට ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමාන් මහ මැතිවරණයට ඉදිරිපත් කිරීමට ගත් තීරණය අග්‍රාමාත්‍යවරයා එහිදී අගය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බව ද සඳහන් කර තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරන පක්ෂයක් වන අතර එම සන්ධානය හා එක්ව ඉදිිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාම යෝජනා භාරදී සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad