වී සඳහා ලබා දුන් සහතික මිලට ගැලපෙන ලෙස සහල් සඳහාද සහතික මිලක් ආණ්ඩුවම තීරණය කළ යුතු යැයි ද ඒ මහතා කියා සිටියේ ය.
රජයට අයත් වසා දමන ලද වී මෝල් හා සතොසට අයත් වී මෝල් වහා විවෘත කිරීමටත් කුඩා මෝල් හිමියන්ට ණය ඇතුළු සහන සැළසීමට කටයුතු කළ යුතු බවත් නාමල් කරුණාරත්න මහතා තවදුරටත් සඳහන් කරයි.
මෙම පියවර ගැනීමෙන් මහා පරිමාණ මෝල් හිමියන්ගේ අධිකාරිය බිද හරින්නට හැකි වනු ඇතැයි ද කී ඒ මහතා සහල් අලෙවියට පවා රජය මැදිහත් වියයුතු යැයි කියා සිටියේ ය.
රට තුළ සහල් හිගයක් නැතැයිද හිඟයක් මවා පාන්නේ මහාපරිමාණ මෝල් හිමියන් යැයිද තමා වගකීමෙන් යුතුව කියා සිටින බව පැවසූ කරුණාරත්න මහතා මෙරට පරිභෝජනය සඳහා වසරකට අවශ්‍ය සහල් මෙට්‍රික් ටොන් 24ක් වන නමුත් වසරක දී මෙරට වී මෙට්‍රික් ටොන් ලක්ෂ 50කට ආසන්න ප‍්‍රමාණයක් නිපදවන බවද පෙන්වා දුන්නේය.
කීරි සම්බා කිලෝවකින් රුපියල් 50කට ආසන්න ශුද්ධ ලාභයක් මෝල් හිමියන් ලබන බව පෙන්වා දුන් ඔහු වී මිලට ගැනීමේ දී නාඩුමිලට වඩා කීරි මිල අඩුව පවතිද්දීත් කීරි සම්බා මිල මේ තරම් ඉහළ යෑම සහල් මාෆියාවේ කොටසක් යැයි ද පැවැසී ය.


No comments:
Post a Comment