බෙලරූස් හි සිට ශ්‍රි ලාංකිකයන් 277ක් දිවයිනට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 29, 2020

බෙලරූස් හි සිට ශ්‍රි ලාංකිකයන් 277ක් දිවයිනට

බෙලරූස් හි සිට ශ්‍රි ලාංකිකයන් 277ක් දිවයිනට

බෙලරූස් රාජ්‍යයේ සිට ශ්‍රි ලාංකිකයන් 277 දෙනෙකු ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණි තිබේ.

බෙලරෑස් හි මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට පැමිණ තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන විශේෂ ගුවන් යානය මගින් මෙම ශ්‍රී ලාංකික ගුවන් මගීන් පිරිස ඊයේ(28) රාත්‍රී 11.45ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් යානයෙන් පැමිණ තිබූ ගුවන් මගීන් අතර වැඩි ප්‍රමාණයක්, එරට උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් බව වාර්තා වෙයි.

ඔවුන් ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව, ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් විෂබීජහරණය කිරීමට ලක් කෙරුණි.

පසුව ඔවුන් තුළ කොරෝනා රෝග ලක්ෂණ පවතී ද යන්න සොයා බැලීමක් ද සිදු කෙරුණි.

ඉන් අනතුරුව මෙම ගුවන් මගීන් පිරිස ශ්‍රී ලංකා යුධ හමුදාව විසින්, විශේෂ බස් රථ යොදා ගෙන නීරෝධායන කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබුණි .

එංගලන්තයේලන්ඩන් සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරවල සිට ශ්‍රි ලාංකිකයන් පිරිසක් මෙරටට රැගෙන ඒමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad