කොවිඩ් ගැන සාවද්‍ය ප්‍රකාශයක් කළ සරත් ෆොන්සේකා අද සී.සී.ඩී.යට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 29, 2020

කොවිඩ් ගැන සාවද්‍ය ප්‍රකාශයක් කළ සරත් ෆොන්සේකා අද සී.සී.ඩී.යට

කොවිඩ් ගැන සාවද්‍ය ප්‍රකාශයක් කළ සරත් ෆොන්සේකා අද සී.සී.ඩී.යට

කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් පිරිසක් මියගොස් ඇති බවට කළ අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා අද (29) කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවා තිබේ.

ඒ අනුව ඔහුට අද (29 වැනිදා) පෙරවරු 9.30ට කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ​ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

මේ අතර පාසල් ළමයින් පිරිසකට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට අසත්‍ය ප්‍රකාශයක් කළ හිටපු ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්නගෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ (28 වැනිදා) ප්‍රකාශයක් සටහන් කර ගැනිණි. මීගමුව, දළුපත, තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයට ඊයේ පැමිණි නිලධාරීන් පැය තුනක පමණ කාලයක් ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad