බේරුවල රතු කලාපයේ ගැබිණියක් ව්‍යාජ ලිපිනයකින් රෝහල් ගතවී දරුවකු බිහි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 4, 2020

බේරුවල රතු කලාපයේ ගැබිණියක් ව්‍යාජ ලිපිනයකින් රෝහල් ගතවී දරුවකු බිහි කරයි

බේරුවල රතු කලාපයේ ගැබිණියක් ව්‍යාජ ලිපිනයකින් රෝහල් ගතවී දරුවකු බිහි කරයි

බේරුවල පන්නිල කොරෝනා ආසාදිතයන් සිටි ගම්මානයේ  රතු අවදානම් කලාපය සිට ව්‍යාජ ලිපිනයක් ලබා දී   අද(04) අලුයම කළුතර නාගොඩ රෝහලට ඇතුළු වී  විශේෂ වාට්ටුවකදී  දරුවකු බිහිකර ඇති 28 හැවිරිදි මවක් පිළිබඳව වාර්තා වී ඇතැයි  බේරුවල සෞඛ්‍ය වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.

මෙම ගැබිනි කාන්තාව දර්ගානගරය ප්‍රදේශයේ පදිංචිකාරියක ලෙස ව්‍යාජ ලිපිනයක් ලබා දී රෝහලට ඇතුළත් වී ඇති අතර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ සායන කාඩ්පත පරීක්ෂා කිරීමේදී එම ලිපිනය බේරුවල, පන්නිල ප්‍රදේශයේ බව සඳහන්ව ඇත.
 
 අනතුරුව  කළ රුධිර පරීක්ෂාවේ දී එම කාන්තාව කොරෝනා ආසාදිත තත්ත්වයේ පසුවන බව තහවුරු කරගෙන තිබෙන බව කළුතර නාගොඩ රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළහ.

මෙම ආසාදිත කාන්තාව බිහිකළ බිළිඳාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂාවට ලක් කරන අතර එම රෝහල් වාට්ටුවේ කාර්යමණ්ඩලය නිරෝධායනට ලක් කිරීමට නියමිතව ඇතැයිද රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
 
මෙම රෝගී කාන්තාවත් සමඟ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොරෝනා ආසාදිත පුද්ගල සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා තවදුරටත් පැවසීය .

No comments:

Post a Comment

Post Bottom Ad