ලංකාවේ කොරෝනා බයානකම අවදියට ආසන්නයි - මාස තුනක් ඇදිරි නීතිය දාන්න - වෛද්‍ය ජයරුවන් බණ්ඩාර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 4, 2020

ලංකාවේ කොරෝනා බයානකම අවදියට ආසන්නයි - මාස තුනක් ඇදිරි නීතිය දාන්න - වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

මෙරට තුළ කොරෝනා ව්‍යාප්ත සැලකිය යුතු මට්ටමින් පාලනයට නම් අඩුම තරමින් තවත් මාස තුනක්වත් රට පුරා එක දිගට ඇදිරි නීතිය පැනවිය යුතු බව තම අදහස බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

එසේ කළ නොහැකි නම් ඇඳිරි නීතිය කඩින් කඩ ඉවත් නොකර මාසයක කාලයක් ඉතාම තදින් ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.

එසේ කටයුතු නොකළහොත් තත්වය භයානක විය හැකි යැයිද වෛද්‍යවරයා අවධාරණය කරයි.

පවතින රෝගීන් වර්ධනය ගැන සලකා බැලීමේදී තවත් සති දෙකකින් පමණක් කොරෝනා ආසාදිතයන් ගණන දෙගුණයකින් ඉහළ යනු ඇති බව ද ඔහු පැවසීය.

කොරෝනා ව්‍යාප්තිය දැනට පවතින අදියරේ සිට ඊළඟ අදියරට ගියොත් ඇතිවන අවදානම සිතාගත නොහැකි බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad