එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සන්ධානයට එරෙහිව සිටින එජාපයේ අතලොස්සක පිරිසද සන්ධානය නමැති මල් වට්ටියට අතගැසුවහොත් පසුගිය කාලයේදී සිදු වූ සියලු අඩුපාඩු අකාමකා ගැනීමට හැකිවන බවත්, එසේ වුවහොත් අතීතයේ සිදු වූ සියලු දේ අමතක කිරීමට එජාප පාක්ෂිකයා පමණක් නොව සමස්ත රටේම ජනතාව සූදානම් වනු ඇති බවද කිරිඇල්ල මහතා පවසනවා.
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සන්ධානය ගොඩනැගීම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ යෝජනාවක් බව පෙන්වා දෙන කිරිඇල්ල මහතා පවසන්නේ එහි නායකත්වය මෙන්ම අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟ වූ බවයි.
එහෙයින් එජාප නායකයා මේ මොහොතේ හෝ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමත යෝජනාවට එකඟ වෙමින් සමගි ජන බලවේගය හා එකතු වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද කිරිඇල්ල මහතා අවධාරණය කරනවා.
නුවර නදීක දයා බණ්ඩාර


No comments:
Post a Comment