දිස්ත්‍රික්ක 6ක ඇදිරීනීතිය දිගටම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 29, 2020

දිස්ත්‍රික්ක 6ක ඇදිරීනීතිය දිගටම

දිස්ත්‍රික්ක 6ක ඇදිරීනීතිය දිගටම

කොළඹ, ගම්පහ , කළුතර ,යාපනය , පුත්තලම සහ මහනුවර යන් දිස්ත්‍රික්ක සඳහා  නැවත දැනුම් දෙනතුරු  ඇදිරිනීතිය  දිගටම ක්‍රියාත්මක කිරීමට  රජය තීරණය කර ඇත.

මේ වන විට රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

එමෙන්ම සෙසු  සියලුම දිස්ත්‍රික්කයන්හි  හෙට (30) උදෑසන 6.00ට ලිහිල් කරන ඇඳිරි නීතිය දහවල් 2.00ට නැවත පැනවීමට නියමිතය.

මේ අතර කාලයේදී අත්‍යවශ්‍ය  සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

එමෙන්ම  අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා  භාවිත වන  ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද දැනුම් දී  ඇත.

කොරෝනා වෛරසය පැතිරයාම  නැවැත්වීම සඳහා  ගෙන ඇති බොහෝ ක්‍රියාමාර්ග  ජනතාවගේ  යහපත වෙනුවෙන් ගෙන ඇති  බවත්  එම  ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර  කළුතර , අටළුුගම සහ මහනුවර , අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත. මේ ගම්මාන දෙකට  කිසිදු පුද්ගලයෙකුට  ඇතුළුවීමට හෝ පිටවීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය මගින්  නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි .

No comments:

Post a Comment

Post Bottom Ad