උතුරු කොරියාව වෙන කවරදාටත් වඩා මිසයිල අත්හදා බලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 29, 2020

උතුරු කොරියාව වෙන කවරදාටත් වඩා මිසයිල අත්හදා බලයි

උතුරු කොරියාව වෙන කවරදාටත් වඩා මිසයිල අත්හදා බලයි

COVID - 19 නැතිනම් නව කොරෝනා වෛරසය ලෝකයේ වසංගතයක් ලෙස දැඩි පීඩාවකට පත්ව තිබියදී උ.කොරියාව වෙන කවරදාටත් වඩා මිසයිල අත්හදා බලමින් සිටින බව වාර්තා වෙයි. ඔවුන් නවත කෙටි දුර බැලැස්ටික් මිසයිල දෙකක් උ.කොරියාවේ නැගෙනහිර වෙරළේ සිට සාගරය දෙසට එල්ල කරමින් අත්හදා බැලීම් කටයුතු කර තිබුණු බව සඳහන් වෙනවා.

දකුණු කොරියාව තමන්ගේ අසල්වාසීන්ගේ ක්‍රියාවලිය පිළිබඳව විවේචනය කරමින් පවසා තිබුණේ COVID - 19 හේතුවෙන් ලෝකය මුළු ලෝකයම දුෂ්කරතාවන්ට මුහුණ දීම ඇති අවස්ථාවක උ.කොරියාවේ මෙවැනි මිලිටරි අත්හදා බැලීම් සහ ක්‍රියාවන් ඉතාමත් නුසුදුසු බවයි. එම ක්‍රියාවලින් වහා නවත්වන ලෙසද ද.කොරියාව උ.කොරියාවෙන් ඉල්ලා තිබුණු බවත් සඳහන් වෙනවා.

මෙම මිසයිල දෙක නිකුත් කිරිමත් සමඟ උ. කොරියාව මෙම මාසයල තුළ පමණක් පරික්ෂණ වාර 04ක් සඳහා මිසයිල 09ක් පමණ අත්හදා බලා ඇතිබව වාර්තාවෙයි. මෙම සියලු අත්හදා බැලීම් උතුරු කොරියානු නායක කිම් ජෝන්ග් වුන් ගේ පෞද්ගලික අධීක්ෂණය යටතේ සිදු වු බවද සඳහන් වෙනවා. එමෙන්ම මාසයක් තුළ උතුරු කොරියාව අත්හදා බැලු වැඩිම මිසයිල ප්‍රමාණය මෙය බවත් පර්යේෂකයන් පේනවා දෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad