නෙළුම් කුළුනේ නව කළමනාකාර ප්‍රධානී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 19, 2020

නෙළුම් කුළුනේ නව කළමනාකාර ප්‍රධානී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ

නෙළුම් කුළුනේ නව කළමනාකාර ප්‍රධානී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ

කොළඹ නෙළුම් කුලූනේ නව කළමනාකරණ ප‍්‍රධානියා වශයෙන් යුද  හමුදාවේ හිටපු මාණ්ඩලික ප‍්‍රධානී විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ප‍්‍රසාද් සමරසිංහ මහතා පත්කරනු ලැබ ඇත.

ඒ මහතා නෙළුම් කුළුණ ව්‍යාපෘතිය ආරම්භ වූ දා සිටම එහි සම්බන්ධීකරකවරයකු වශයෙන් සේවය කළේය.

1980 වසරේදී දෙවන ලූතිනන්වරයකු ලෙස හමුදාවට එක්වී සංඥා බලකායට අනුබද්ධව සේවය කළ ඔහු පසුව ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට ඇතුළත්ව කළමනාකරණය පිළිබද විද්‍යාවේදී පශ්චාත් උපාධිය හිමිකර ගත්හ.
 
විවිධ රටවල වැඩමුළු හා පාඨමාලාවලට එක්ව සිය දැනුම දියුණුකරගත් ඔහු ඇමරිකාව, එංගලන්තය,චීනය, ඉන්දියාව, පිලිපීනය, ඊශ‍්‍රායලය වැනි රටවල් ගණනාවක පාඨමාලා හදාරා ඇති අතර හමුදාසේවය වෙනුවෙන් කළ කැපවීම වෙනුවෙන් පදක්කම් රාශියක් හිමිකරගෙන ඇත.
 
හෙතෙම මානුෂීය මෙහෙයුම අවධියේදී හමුදා ප‍්‍රකාශකවරයා ලෙසද කටයුතු කර ඇති අතර යුද්ධයෙන් පසුව ලන්ඩනයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකවරයා ලෙසද කටයුතු කර තිබේ. 

No comments:

Post a Comment

Post Bottom Ad