අලුතින් බිහිවන සන්ධානය තුළ සජිත්ට අසිමිත බලයක් තියෙනවා - විජේපාල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 4, 2020

අලුතින් බිහිවන සන්ධානය තුළ සජිත්ට අසිමිත බලයක් තියෙනවා - විජේපාල

අලුතින් බිහිවන සන්ධානය තුළ සජිත්ට අසිමිත බලයක් තියෙනවා - විජේපාල

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට  එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ අලුතින් පිහිටුවන සන්ධානය තුළ  අසිමිත බලයක් ලැබි තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

ගාල්ල  මිපාවල ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදි මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා ,

එක්සත් ජාතික පක්ෂයේ තිබු අර්බුදය දැන් ක්‍රමයෙන් විසඳමින් පවතිනවා. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට  එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ අලුතින් පිහිටුවන සන්ධානය තුළ  අසිමිත බලයක් ලැබි තියෙනවා. එතුමාට තියෙනවා සන්ධානයේ නායකත්වය  එතුමාට තියෙනවා සන්ධනායේ සභාපතිකම වගේම ලේකම්වරයා පත්කිරිමේ බලය.  ඒ ලේකම් හා සභාපතිවරයා තමයි ඉදිරි පාර්ලිමෙන්තු මැතිවරණය මෙහෙයවන්නේ. නාමයෝජනා කමිටුවේ සභාපතිවරයා. දැන් ඉතින් එතුමාට  ආපසු එක එක්කෙනාට  කකුලෙන් අදිනවා පසුගිය දවස්වල  නොයෙක්  චෝදනා කරපුවා ඉදිරිපත් කරන්න බැරිවෙනවා. 

සජිත් ප්‍රේමදාස මහතා තමයි ආසන සංවිධායකවරුන් හැටියට මේ මැතිවරණයට ඉදිරිපත්වන අය නම් කරන්නේ. එතුමාට ලැබුණු විපක්ෂනායක ධුරයෙන් ද එතුමා උපරිම ප්‍රයෝජන ගන්නවා. විපක්ෂනායක කාර්යාලයේ සිටි ආණ්ඩුවක් ගන්නේ කොහොමද කියන එක පිළිබඳ  සැලසුම් හදමින් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් කටයුතු කරනවා. එතුමාට ලැබි ඇති ආශිර්වාදය හා සම්පත් නිසා එතුමාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ශක්තියක් ලැබෙනවා. සන්ධනායේ නායකයා හැටියට කටයුතු ආරම්භ කරනවිට  එක්සත් ජාතික පෙරමුණේ හා එජාපයේ කිසිදු ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. නායකත්වය පිළිබඳ  කිසිදු ගැටලුවක් නැහැ.19 වැනි සංශෝධනය අනුව මෙහි බලතල තියෙන්නේ අගමැතිවරයාට. අමාත්‍ය මණ්ඩලය පත්කරන්න රාජ්‍ය ඇමතිවරුන් පත්කරන්න නියෝජ්‍ය ඇමතිවරුන් පත්කරන්න . 19වැනි සංශෝධනය අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තියෙන්නේ රජයේ නායකයා හැටියට  අගමැතිවරයා කියන දේ කරන්න තමයි තියෙන්නේ. අගමැතිවරයාට නිර්දේශ දිලා අත්සන ගහන්න විතරයි තියෙන්නේ.

ඉදිරි මහ මැතිවරණයේ දි එක්සත් ජාතික පෙරමුණ හැටියට සන්ධානගතවෙලා 113ක වැඩි මන්ත්‍රිධුර සංඛ්‍යාවක් අරගෙන  මේ ආණ්ඩුව ශක්තිමත්ව ගොඩනගලා අපි සුදානම් ගෝඨාභය රාජපක්ෂ  ජනාධිපතිතුමාගේ යහපත් සංකල්ප  අරගෙන එතුමාගේ වැඩපිළිවෙළත් සමග සහයෝගයෙන් සුසංයෝගයෙන්  ආණ්ඩුව ගෙනියන්න .

අගමැතිවරයා හැටියට සජිත් ප්‍රේමදාස මහතා පත්වු විට නායකත්වය පිළිබඳ ගැටලුවක් ඇතිවන්නේ නැහැ. නායකත්වය හැමදාම තියාගෙන ඉන්න  රනිල් වික්‍රමසිංහ මහතා කැමති නැහැ. පක්ෂයේ ස්ථාවරයක් වෙනකම් පක්ෂයේ යම් යම් අය අතර   අර්බුදයක් ඇතිවෙලා නෙයෙකුත් මතිමතාන්තර තියෙන නිසා එතුමා ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහතා අගමැතිවරයා හැටියට පත්වු පසු කිසිදු ප්‍රශ්නයක් නැහැ එතුමා වසර ගණනාවකට මේ පක්ෂයේ නායකයා හැටියට පත්වෙලා  ඉදිරි ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වෙල එක ජයග්‍රහණය කිරිමේ ශක්තිය තියෙනවා. සන්ධානය හැටියට එහි නායකයා හැටියට  සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යෙන්ම අගමැතිධුරයට පත්කරනවා  යැයිද මන්ත්‍රිවරයා කිවේය.

No comments:

Post a Comment

Post Bottom Ad