බැදුම්කර හොරුන්ගේ හඬපටත් මා සතුයි.. අවශ්‍ය වුනොත් එලියට දානවා - රන්ජන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 9, 2020

බැදුම්කර හොරුන්ගේ හඬපටත් මා සතුයි.. අවශ්‍ය වුනොත් එලියට දානවා - රන්ජන්

සුගිය බැඳුම්කර වංචාවේ දී එම පාර්ශව අල්ලස් දීමට තමන්ට කතා කළ හඬ පට තමන් සතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

අර්ජුන් ඇලෝසියස් ගේ හඬ පටද තමා සතුව ඇතැයිද පැවසූ ඔහු මේ ආකාරයෙන් හඬ පට තබාගැනීම නුවනක්කාර ක්‍රියාවක් නොවේදැයි මාධ්‍යවේදීන් ගෙන්ද ප්‍රශ්න කළේය.

ඔහු මේ බව කියා සිටියේ තමන්ගේ තම හඬපට මාධ්‍ය විසින් ප්‍රචාරය කිරීම වලකන ලෙස ඉල්ලමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ගොනු කිරීම සඳහා පැමිණ සිටි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

බැදුම්කර වංචාව සම්බන්දයෙන් ප‍්‍රධාන වශයෙන් චෝදනා එල්ල වන්නේ එක්සත් ජාතික පක්‍ෂ නායකයා ඇතුළු පිරිසකට වන අතර රාමනායක මන්ත‍්‍රීවරයාගේ මේ අනියම් තර්ජනය ඔවුන් යයි සිතිය හැක්කේ මන්ත‍්‍රීවරයාට විරුද්දව එජාපයෙන් විනය පරීක්‍ෂණ ආරම්භ කර තිබීම හේතුවෙනි.


No comments:

Post a Comment

Post Bottom Ad