"පාසලක් වෙනුවෙන් 04km කට වඩා යන්න ඉඩ දෙන්නේ නෑ" - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 3, 2019

"පාසලක් වෙනුවෙන් 04km කට වඩා යන්න ඉඩ දෙන්නේ නෑ"

විභාග කේන්ද්‍ර කර ගත් මෙරට අධ්‍යාපන ක‍්‍රමය තමන් සම්පූර්ණයෙන්ම වෙනස් කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ පැවැති උත්සවයක් අමතමින්.

එහිදී "අද අපේ දරු පරම්පරාව ලෙඩ්ඩු බවට පත් කරන අධ්‍යාපන ක්‍රමයක් තිබෙනවා. මේ මුළු අධ්‍යාපනයම සකස් වෙලා තියෙන්නේ විභාග තුනකට. දරුවෝ යන්ත්‍ර බවට පත් කරලා. පාසල තියෙනවා නමට...ඉගෙන ගන්න යනවා ටියුෂන්. සමහර පංති තියෙන්නේ රෑ10ට..ඒ නිසා මේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය අපි මුළුමනින්ම වෙනස් කරනවා. කිසි දරුවෙකුට තමන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කිලෝමීටර් 04කට වඩා පාසලක් වෙනුවෙන් යන්න ඉඩ දෙන්නේ නෑ. " යනුවෙන් ද සඳහන් කළා.

No comments:

Post a Comment

Post Bottom Ad