ජෝන් ව්‍යාග්‍රයෙක් වෙලා : සිල්වෙස්ටර් බය කරලා ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 19, 2019

ජෝන් ව්‍යාග්‍රයෙක් වෙලා : සිල්වෙස්ටර් බය කරලා !

සාකච්ඡාවක් සඳහා අමාත්‍යාංශයට පැමිණෙන ලෙස දන්වා තමාට සහ තම සංගමයේ සභාපතිවරයාට බැණ වැදී පන්නා දැමීමට සංචාරක සංවර්ධන වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කටයුතු කළ බව ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් මහතා චෝදනා කර තිබේ.

අප්‍රේල් ප්‍රහාරයෙන් පසු සංචාරක කර්මාන්තයට එල්ල වූ බලපෑම හේතුවෙන් එම කර්මාන්තය හරහා යන පිරිස් සඳහා සහන සැලසීම පිළිබඳ සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලා එම සංගමය යොමුකළ ලිපියකට ප්‍රතිචාර වශයෙන් අමාත්‍යවරයා විසින් ඔහුට අමාත්‍යංශයට පැමිණෙන ලෙස දැන්වීමෙන් පසුව මේ තත්ත්වය ඇතිව ඇති බව පැවසේ.

එම සංගමයේ ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් මහතා කියා සිටින්නේ අමාත්‍යංශයට ගිය පසු ඇමතිවරයා දිගින් දිගටම බැන වැදුණු බවයි.

එසේම තදින් බැණ වැදුණු ඒ මහතා තමාව ගොඩනැගිල්ලෙන් එළියට විසි කර දමන බවට ද තර්ජනය කළ බව ඔහු රාවය වෙතට සිල්වෙස්ටර් මහතා පවසා තිබේ.

අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ එම සංගමයේ ඉල්ලීම් නොදුනහොත් උද්ඝෝෂණය කරන බවට කළ ප්‍රකාශයක් හේතුවෙන් තමා එසේ හැසුරුණු බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *