එජාපය තීරණාත්ම තීන්දුවකට සූදානම්.. කරූ ජනාධිපති.. රනිල් අගමැති හා දිගටම එජාප නායක.. සජිත් කැපෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 19, 2019

එජාපය තීරණාත්ම තීන්දුවකට සූදානම්.. කරූ ජනාධිපති.. රනිල් අගමැති හා දිගටම එජාප නායක.. සජිත් කැපෙයි

දිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස වර්තමාන කථානායක කරු ජයසූරිය මහතා ඉදිරිපත් කිරීම සඳහා එම පක්ෂයේ ජේෂ්ඨයින් පිරිසක් යෝජනා කර ඇති බව වාර්තා වෙයි.

මෙම යෝජනාව සඳහා පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද යම් මට්ටමක සාධනීය ප‍්‍රතිචාර දක්වා ඇති බවද ආරංචි මාර්ග කියයි.

කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වය සඳහා ලබා ගැනීම සඳහා කිසිදු කැමැත්තක් නැති වීම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇතැයි ද වාර්තා වෙයි.

ඒ අනුව බොහෝ දුරට ඉදිරි ජනාධිපතිවරණයේදී කරු ජයසූරිය මහතා එජාපය ප්‍රමුඛ පෙරමුණක ජනාධිපති අපේක්ෂකයා වනු ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකයා වනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කළේය.

එමෙන්ම තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම දරුණු ඇති බවද එම ප්‍රකාශකයා කියා සිටියේය.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය සඳහන් කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ධුරය භාර ගනු ඇත්තේ පක්ෂ නායකත්වයද ලබාදුනහොත් පමණක් බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad